දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල අද දින දිගු පොලිම් දක්නට ඇත.
හෙට පැවැත්වීමට නියමිත විදුලි වර්ජනය හේතුවෙන් විදුලිය ඇන හිටියහොත් ඊට මුහුණ දීම සඳහා මෙම පිරිස බූමිතෙල් මිලදී ගැනීමට පැමැණ ඇත.
දිවයිනේ ඇතැමි ඉන්ධන පිරවුම්හල් වල බූමිතෙල් මිලට ගැනීමට නොමැති බව ද පාරිභෝගිකයෝ පවසයි.
හිඟයකින් තොරව සීනි පාරිභෝගියන්ට ලබාදීම සඳහා සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජය පවසයි.
ඒ් අනුව අද (3) දිනයේ සීනි පාලන මිල ඉවත් කිරීමට සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කෙරෙනු ඇත.