Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෑස් හිගයට හේතුව මෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තමන් ආනයනය කළ ගෑස් රැගත් නෞකා වරාය වෙත ළඟා වී ඇතැයි, ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, බෙදා හැරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මේ වනවිට වෙළඳපොළේ තාවකාලිකව ගෑස් හිඟයක් මතුව ඇති බවයි.

මේ වනවිට සිලින්ඩර් මුදා හැරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි, නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී චමනි පතිරගේ මහත්මිය මහත්මිය පැවසුවා ය.

ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා සිට ඉහළ දැමීමට ගෑස් සමාගම් පියවර ගත්තේය.

මිල වැඩිකිරීම් සිදුකළ ද වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට දින කිහිපයක් තිස්සේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් පවතී. අදත් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම දක්නට ලැබුණේ එවන් තත්ත්වයකි.

මේ අතර ඇතැම් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝළිම් ද දක්නට ලැබුණි. එමෙන් ම සිමෙන්ති හිඟයද තවමත් එලෙසම පවතී.

Scroll to Top