Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.

විභාග කාල සටහන පහතින් දැක්වේ.

  • 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය  – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.
  • අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 6 ක පමණ කාලයක් වසා දැමුණු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 21 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරුණි.

නොවැම්බර් මස 8 වන දින සිට දිවයිනේ සියලුම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට නියමිතය.

exam

Scroll to Top