Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට (01)දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (01) දින පස්වරුවේ සිට විවෘත කල එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට (01) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එක් වාන් දොරටුවක් විවෘත කල බවත්, තව දුරටත් වැසි එලෙසම පැවතිය හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලටද (01) දින පස්වරුවේ කඩින් කඩ අධික වැසි ලැබුණ බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ihala-kothmale

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top