ලෝක කුසලාන විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ශ්රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණය කරන තරගය එංගලන්තය සමගින් අද (01) රාත්රී 7.30ට සාජා ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වේ.
සහභාගි වූ තරග තුනම ජයගෙන 3.948ක ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටින එංගලන්තය අද තරගය ජයගතහොත් අවසන් පූර්ව වටයේ ස්ථාන දිනා ගැනීමේ අවස්ථාව ඔවුන්ට පහසුවෙන්ම උදාවනු ඇත.
මේ අතර ලෝක කුසලාන අවසාන වටයට සුදුසුකම් ලබාගැනීමට ඉතාමත් ආසන්නයට පැමිණීමට එංගලන්ත කණ්ඩායම සහ පකිස්තානූ කණ්ඩායම් සමත්ව ඇත.
කණ්ඩායම් දෙකම ප්රසාද ලකුණු 6 බැගින් ලබා ගෙන A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ ඉහළින්ම සිටියි.
බංගලාදේශ කණ්ඩායම මේ වන විටත් තරගාවලියෙන් ඉවත්වී ඇත. ඒ සහභාගී වූ තරග 3ම පරාජය වීම හේතුවෙන්.
මේ අතර ශ්රී ලංකාව, ඉන්දියාව, ස්කොට්ලන්ඩ්, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් තවත් එක් තරගයක් පරාජය වුවහොත් ඔවුන්ටද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.