Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහ වැස්සෙන් 5000කට අධික පිරිසක් පීඩාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධික වැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් සය හැවිරිදි දරුවකු ඇතුළු දෙදෙනකු මියගොස් පවුල් 1273 කට අයත් පුද්ගලයන් 5119 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

රත්නපුර,නුවරඑළිය,මහනුවර,මුලතිව්,යාපනය,බදුල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක කිහිපයට  23 වැනිදා සිට ඇද හැලුණු අධික වැසි,සුළං,නාය යෑම් හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය කියයි.

ආණමඩුව,ඌරියාව ප්‍රදේශයේ පෙරේදා (30) සිදුවූ අකුණු සර වැදීමකින් හය හැවිරිදි කුඩා දරුවෙකු මියගිය අතර බණ්ඩාරවෙල, හල්පේ, දිවුල්ගස්තැන්න ප්‍රදේශයේදී පස්කන්දකට යටවී 31 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.

පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී තිබේ.

එම මාර්ගය, කිලෝ මීටර 23 සහ 24 කණුව අතර සංචාරක හෝටලයක් අසල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වෙයි.

දිවයිනට ආසන්නව වර්ධනයවී තිබෙන අඩු පීඩන කලාපය තවමත් සක්‍රීයව පවතින නිසා අද (01) දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

Scroll to Top