T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරගය කඩුලු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම (31) සමත් විය.
ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 110ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් තුළ ජයග්රහණය වාර්තා කිරීමට හැකිවිය.
එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 49ක් රැස් කළ අතර නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 32ක් රැස් කළේය.