මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (29) දින සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගලා ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගලා ඇත.
කෙසෙල්ගමුඔය පිටර ගැලිමත් සමග බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් හරහා පිහිටා ඇති වතු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වි ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ