Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අන්තර් පළාත් අතර ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අන්තර් පලාත් අතර පනවා තිබු සංචරණ සිමා (31) දින රාත්‍රියේ සිට ඉවත් කිරිමෙන් පසු හැටන් බස් නැවතුම්පොලේ සිට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් (01) දින සිට ධාවනයට එක් කර ඇත.

හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ 82 ක් (01) දින දුර සහ කෙටිදුර ධාවනය සදහා එක් කල බවත්, ඉන් කොළඹට බස් රථ 20 ක් , බලංගොඩ ප්‍රදේශයට බස් රථ 01 ක් සහ කතරගම දක්වා එක් බස් රථයක් එක් කල බවයි හැටන් ලංගම ඩිපෝවේ කලමණාකාරවරයා කියා සිටියේ.

ලංගම සහ පෞද්ගලික බස් රථ වල නිරෝධායන උපදෙස් වලට අනුකුලව මගින් ප්‍රවාහනය කරන බව ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් කියා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top