රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය හරහා අපේක්ෂා කරන්නේ ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමය.