දිවයිනේ සියලුම පාසල් වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන මස 8 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ සියළුම කතෝලික පාසල් සහ ඇංග්ලිකානු පාසල්වල ද 10,11,12, සහ 13 වැනි ශ්‍රේණී එදිනම විවෘත කිරීමට නියමිතයි.
මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්තිද 50%ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමටද අවසර හිමිවී තිබෙනවා.
කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණා.
මීට අමතරව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.