Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජය ගැන මහේල කතා කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඔස්ටේ්‍රලියාව සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 15 ක් හෝ 20 ක් ලබාගත්තේ නම් තරගයේ තීරණය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ශ්‍රී ලංකා පිළේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මහේල පවසන්නේ  තරගයේ ශ්‍රී ලංකා පළමු පන්දුවාර 10 දෙස බැලීමේදී පහසුවෙන් ලකුණු 170 සීමාව ඉක්මවා යාමේ අවස්ථාවක් පැවති බවයි.

කෙසේවෙතත් ලකුණු 155 ක් යනු තරගයක් ලබාදීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් බවත් ශ්‍රී ලංකාවට වඩා ඔස්ටේ්‍රලියාව සැලසුම්සහගතව තරගයට එක් වූ බව මහේල පවසනවා. තරගයේ මැද භාගයේ ශ්‍රී ලංකා ඉනිමේ සිදුවූ බිද වැටීම හා පන්දු යැවීමේදී සිදුවූ දුර්වලතා ඔස්ටේ්‍රලියාවට එරෙහි තරගයේ පරාජයට බලපෑ බව මහේලගේ අදහසයි.

Scroll to Top