හැටන් දික්ඔය නගර සිමාවේ සියළුම ආපන ශාලා සහ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් (28) දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හදිසි පරික්ෂාවකට ලක් කරනු ලැබුහ.
එලඹෙන දිපවාලි උත්සව සමය නිමිත්තෙන් වතුකරයේ ජනතාවට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් සහ කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව වෙලදසැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වෙලදුන් දැනුවත් කිරිමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුහ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවේදි අපිරිසිදුව ආහාර ද්‍රව්‍ය අලෙවිකල ආපන ශාලා හිමියන්ට දැඩි ලෙස අවවාද කර පරිභෝජනයට නුසුසු ආකාරයේ පිලියෙල කර තිබු ආහාර පාන රැසක් විනාශ කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ලැබුහ.
තවත් ආපන ශාලා කිහිපයක පැවති අඩුපාඩුකම් සපුරා ගැනිමට දින 14 ක කාලයක් ලබාදුන් අතර,ප්‍රමිතියෙන් තොර පලතුරු අලෙවි කල වෙලදුන් කිහිප දෙනෙකුගේ පලතුරු සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් වල පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රැසක්ද විනාශ කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගනු ලැබුහ.
හැටන් දික්ඔය නගරයේ පාන් පිටි වලට වර්ණක එකතු කර කහ කුඩු වශයෙන් පාරිභෝගිකයන්ට අලෙවි කල වෙලදෙකුට සහ හැටන් නගරයේ වෙලදුන් රැසකට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි මෙම වැටලිමට එක් වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
මෙම හදිසි පරික්ෂාවට නුවරඑලිය දිස්ත්‍රික්කයේ නව තිස්පනේ, ලිදුල , කොටගල ,මස්කෙලිය , බගවන්තලාව , නුවරඑලිය සහ අඹගමුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රැසක් එකතු විය.
හැටන් – රංජිත් රාජපක්ෂ