Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය ඉරිදා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට ශාසන ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් නිමා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි පසුගිය (27) දින මධ්‍යම රාත්‍රියේ අපවත් විය.

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන ඉරිදා සිදුකිරීමට නියමිතය.

මසකට අධික කාලයක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්  අපවත් වූයේ මෙරට ශාසනයේ තවත් එක් පරිච්ඡේදයක් නිමා කරමිනි.

පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් 1937 පෙබරවාරි 20 වනදා කුරුණෑගල වැලමිටියාගම නම් ගම්මානයේදී උපත ලද ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමි පැවිදි දිවියට එළඹෙන්නේ 1954 ජනවාරි 07 වනදාය.

අපවත්වන විට උන්වහන්සේ 84වැනි වියේ පසුවිය.

Scroll to Top