විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සමග හෙට පැවැත්වෙන තරඟයට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.
ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මහීෂ් තීක්ෂණ බංග්ලාදේශය සමග පැවති තරගයට ක්‍රීඩා කළේ නැහැ.
මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මාධ්‍ය හමුවකදී කියා සිටියේ.