T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරඟය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර තරඟාවලියේදී පිට පිට ලැබූ දෙවන පරාජය වනවා. යම් බලාපොරොත්තුවත් තබා ගැනීමට නම් ඉදිරි තරග 3 ජය ගැනීම අනීවාර්ය වී ඇත.
බටහිර ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්රිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ ජයග්රහණය වාර්තා කිරීමට හැකි විය.