ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳවීම සිදුවිය.
ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා මහතා විසින් ඊයේ(26) පෙරවරුවේ ජනාධිපතිවරයාට පොපි මල පැළඳ වූ අතර ඒවා අලෙවියෙන් ලැබෙන අදායම විශ්රාමික හා අබාධිත රණවිරුවන්ගේ සුබසාධනයට වෙන්කර තිබේ.
සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනිදා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර ශ්රී ලංකාවේදී එම සැමරුම පවත්වන්නේ නොවැම්බර් මස 11 ට ආසන්න ඉරු දිනකයි.