Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ් නිසා කෝටි 2,700ක සුරාබදු ආදායමක් අහිමි වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසරේ මේ වන විට රුපියල් කෝටි 2,700ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇතැයි සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) ප්‍රකාශ කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 16,000ක් වුවද කොවිඩ් තත්ත්වය හමුවේ ඊට ළඟා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්ත‍මේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිගණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමකදී නිර්දේශ දී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

Scroll to Top