මගෙ අනුරූ පුච්චන්න පුලුවන් වළලන්න පුලුවන් ඒ එකකින්වත් මට රිදෙන්නෙ නැහැ. අනාගත දරුපරපුර පිළිබද හිතලා මේ ගත්ත තීන්දුව එක්ක අපි හිටගන්නවා.
අනාගත දරු පරපුර වකුගඩු රෝග හැදිනවාට අපි විරුද්ධයි. දේශපාලනික ඇසෙන් නොබලන බොහෝ පිරිසක් මේ වැඩපිළිවල අනුමත කරන බව අපි දන්නවා.
ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තෙ දුරදිග බලලා. මෙහි ප්‍රතිපල ලැබෙන්නෙ ටිකක් ප්‍රමාද වෙලා වුණාට කාර්යාවලිය ප්‍රමාද කරලා බැහැ.
අපි පොහොර ලබාදී තිබෙන නිසා වගාකරන්නැයි ගොවි මහත්වරුන්ගෙන් අපි ඉල්ලනවා. අස්වැන්නෙ අඩුවක් වුණොත් එකට රජය විදිහට අපි බලාගන්නවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මේ තීන්දුව සමගින් මේ වනවිට ගම්වල සැබෑ ගොවිමහතුන් එක්කාසුවෙමින් සිටින බවද පැවසූ ඔවුහු දිගින් දිගටම එම තීන්දුව සමගින් සිටියහොත් වසර 10ක් යන්නට මත්තෙන් කුඹුරු යායවල් අසල ගෝ්ඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පිළිරූ පවා සාදන බවනම් තමන්ට විශ්වාස බවත් එදාට උද්ඝෝෂණ සදහා සහභාගීවූවන්ද මල්පූජාකරන්නට අපේ දරුවන් සමග එක්වෙනු ඇති බවත් පැවසීය.