Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සියලුම ආගමික සිද්ධස්ථානවලට නිකුත් කල නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න !

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සියලුම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ අනුව, බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන්වලදී සහ බෝධි පූජා සඳහාත් උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධ විය හැකි වනවා.

කතෝලික, ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ට ද විශේෂ ආගමික වැඩසටහන්වලදී උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව පවතිනවා.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව සහ පවතින මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට අදාළ ආගමික ස්ථාන භාරකරුවන්ට වගකීම් පැවරෙනු ඇති.

Scroll to Top