Aboutceylon Online

බඹර ප්‍රහාරයකින් 18 දෙනෙකු රෝහල්ගත කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 18 දෙනෙකු (23) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට්වර්නන් වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් 02 තම රෝහලට ඇතුලත් කල බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි කාන්තාවකගේ පයට පැගිමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් දි ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top