Aboutceylon Online

දෙමව්පියන් එක් වි පාසල් සුද්ද පවිත්‍ර කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ප්‍රාථමික අංශයේ පාසල් විවෘත කිරිම සදහා දෙමව්පියන් එක් වි පාසල් සුද්ද පවිත්‍ර කරයි.

සෞඛ්‍ය උපදෙස් මත දිර්ඝ කාලයක් වසා දමා තිබු ප්‍රාථමික අංශයේ පාසල් මේ මස (25) දින සිට විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කිරිමත් සමග වතු ආශ්‍රිත ප්‍රදේශවල දෙමව්පියන් (23) දින පාසලට පැමිණ පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරනු ලැබුහ.

පාසල් වෙත පැමිණි දෙමව්පියන් පාසල ඇතුලත සහ පාසල අවට භුමිය පිරිසිදු කරන ආකාරය අප කැමරාවේ සටහන් විය.

ප්‍රාථමික අංශයේ පාසල් විවෘත කිරිම අධ්‍යාපන අමාත්‍යංශය ගත් හොද තිරණයක් බවයි දෙමව්පියන් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top