Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කෝටි 32 යි – සුපිරි 12 වටයේ තරග අද 3.30 සිට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ.

මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් අදාළ කණ්ඩායම් එසේ සුදුසුකම් ලබා ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 32කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අයසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ප්‍රථම තරගය ඕස්ට්‍රේලියාට සමගින් දකුණු අප්‍රිකානුවන්ගේ සටනින් අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.

අද ආරම්භ වන සුපිරි 12 වටයේ තරග නොවැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වේ.

ඒ ඒ කාණ්ඩවල මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙකට අවසන් පූර්ව වටයට එක්වීමේ අවස්ථාව හිමි වේ. එහිදී නොවැම්බර් 10 පළමු අවසන් පූර්ව තරගයත්, නොවැම්බර් 11 දෙවැනි අවසන් පූර්ව තරගයත් පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 14 වැනිදා ඩුබායිහිදී පැවැත්වේ.

අවසන් වරට 2016දී මේ තරගාවලිය පැවැති අතර, මේ 7 වැනි ලෝක කුසලාන තරගාවලියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ප්‍රථම තරගය හෙට(24) බංගලාදේශයට එරෙහිව සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Scroll to Top