රජයේ සියලු ම පාසල්වල ප්‍රාථමික අංශ 25 වන සඳුදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.
පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්හි ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.
දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ද ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී තිබේ.