මිතුරනි,
පසුගියදා වම් ඇසේ සිදු කළ ශල්‍ය කර්මයක් හේතුවෙන්, නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා (සමහර විට එයිනුත් ඔබ්බට යනතෙක්) ඉලෙක්ට්‍රොනික / ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැළකී සිටිය යුතුව තිබේ .
මේ නිසා පෝස්ටු වලට කමෙන්ටු ලිවීම හෝ ප්‍රතිචාර දැක්වීම හෝ කළ නොහැකි අතර, මෙම පෝස්ටුව හා බන්දුල වර්ණපුරයන් පිළිබඳ බැනරය සකස් කරවා ප්‍රසිද්ධ කරන ලද්දේ අන් අයකුගේ සහයෙනි.
ගුරු අරගලය දිනුම් ද පරාජිත ද රෙපෝරු ද යන්න පිළිබඳ මගේ අදහස් දැක්වෙන පෝස්ටුවක් මට සහය වන අයෙකු විසින් ටයිප් කරමින් පවතී.
සැමවිටම මට අන් අයගේ සහය පතා කරදර කිරීම කළ නොහැකි බැවින් , සමාජ ජාල පරිශීලනයෙන් තාවකාලික විරාමයක් ගනිමි.
ජයවේවා!!!