Aboutceylon Online

පාසල් කිහිපයක ළමුන් පමණක් පාසලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞඛ්‍ය අංශ උපදෙස් මත මාස කිහිපයක් තිස්සේ වසා දමා තිබු පාසල් අතරින් ළමුන් 200 අඩු පාසල් (21) දින විවෘත කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපදෙස් ලබාදි තිබුණද නුවරඑලිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශවල පිහිටි බෝහෝ පාසල් වලට විදුහල්පතිවරුන්, ගුරුවරුන් පැමිණ නොසිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු පාසල් කිහිපයක විදුහල්පතිවරුන් පාසල් විවෘත කර තිබු අතර, එම පාසල් වලට ළමුන් කිහිප දෙනෙකු පමණක් පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණි.

පාසලට පැමිණි විදුහල්පතිවරුන්ද අත්සන් ලේඛණය අත්සන් නොකර සිටි බවත්, පාසලට පැමිණ ළමුන් පාසල් වේලාවෙන් පසුව ආරක්ෂිතව නිවාස කරා යැවිමට කටයුතු කරන බවද එම විදුහල්පතිවරුන් පැවසිය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ළමුන් 200 ට අඩු පාසල් 74 ක් තිබෙන බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතා කියා සිටියේ.

(21) දින පාසලට නොපැමිණි විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කියා සිටියේ තම වෘත්තිය සමිති උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

lamun

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top