විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 වටයට සුදුසුකම් ලබන රටවල් 4ක් තෝරා ගන්නා පළමු වටයේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය අද (20) අයර්ලන්තය සමඟ පැවැත්වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින්ගේ මතය අනුව මෙම තරගයේ ජය ගැනීමේ වැඩි වාසියක් ශ්‍රී ලංකාව සතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
23 වැනිදා ආරම්භ වන සුපිරි වටයට දැනටමත් කණ්ඩායම් 8ක් එක්වී සිටින අතර, පළමු වටයේ ‘ඒ‘ කාණ්ඩයෙන් සහ ‘බී‘ කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 බැගින් සුපිරි වටයට එක් වනු ඇත.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.