සංචරණ සීමා උල්ලංඝනය කරමින් නිසි සෞඛ්‍ය නීති අනුගමනය කිරීමකින් තොරව සංචාරයේ නිරතවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා යළි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නුවරඑළිය, ඇල්ල ආදී සංචාරක කලාපවලට විශාල ලෙස පිරිස් පැමිණීම සම්බන්ධයෙන් බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.
මේ අතර කොවිඩ් රෝගය පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවයි.