ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහයට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ සංවත්සර සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වෙබ්අඩවිය නව මුහුණුවරකින් එළිදැක්වීම සිදුකෙරිණ.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද Zoom ඔස්සේ එක්වෙමින් වෙබ්අඩවිය එළිදැක්වූ අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආචාරධර්ම සංග්‍රහයට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ සංවත්සර සැමරුමට සමගාමීව මුල්දින කවරයක් සහ සමරු මුද්දරයක් එළිදැක්වීම ද සිදුවිය.