මහවැලි කලාපවල ගොවීහු වැඩි පිරිසක් යල කන්නයේ අස්වැන්න නෙළාගත් සැණින් අතරමැදි කන්නයේ කාබනික ක්‍රමයට අතුරු භෝග වගාවට යොමු වූහ.
මාස් කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මාස හතරකට ආසන්න කාලයක් ලැබී තිබීම අතරමැදි කන්නයේ වගා කටයුතු ඔවුන්ට වඩා පහසු විය. අද ඔවුන් සාර්ථක වී ඇත.
නුවරගල මහවැලි කොට්ඨාසයේ, පල්ලේගම පදිංචි බී.එම්.එම්. දයානන්ද මහතා ද මෙසේ අතරමැදි කන්නයේ සාර්ථක වූ ගොවි මහතෙකි. පසුගිය කන්නයේ පර්චස් විස්සක කහ වගා කොට ඉහළ ආදායමක් ලැබූ ඔහු මෙවර අක්කරයක කහ වගා කොට ඇත.
වී මෝල් සඳහා මහවැලියෙන් දී ඇති මේ ඉඩමේ වී මෝල්වලින් ආදායමක් ගත නොහැකි වීම හේතුවෙන් දයානන්ද මහතා වගා කටයුතු සඳහා යොමු වී ඇත.
මේ පිළිබඳව දයානන්ද මහතා මෙසේ පැවසීය.
“මේ ඉඩම් අපට දුන්නේ වී මෝල් කරන්න. නමුත් මහා පරිමාණ මෝල් හිමියෝ එක්ක අපට හැප්පෙන්න බෑ. මෝල් කර්මාන්තය අසාර්ථක වූ නිසා අපි වගා කටයුතුවලට යොමු වුණා.”
මහවැලි බී කලාපයේ මහදමන ගම්මානයේ පදිංචි ප්‍රින්ස් දිසානායක මහතා ගොවි නායකයෙකි. ඔහු කාර්යශූර සැබෑම ගොවියෙකි. විදේශ රටවල සංචාරය කොට එම රටවල කෘෂිකර්මාන්තය පිළිබඳ අධ්‍යයනය කොට ගමට පැමිණ එම දැනුම ඔහු සහෝදර ගොවි ජනතාව සමඟ බෙදා ගන්නේය.
මෙවර යල කන්නය අවසන් වීමෙන් අනතුරුව කාබනික පොහොර යොදා තම හෙක්ටයාරයක් වූ කුඹුර සකස් කළ ඔහු වර්ෂා ජලයෙන් කුඹුර වපුරා ඇත. අවම ජල පරිභෝජනයකින් යුතුව සහ රසායනික පොහොර නැතිව වගා කළ හැකි ආකාරය ඔහු ක්‍රියාවෙන් පෙන්වා ඇත.
ප්‍රින්ස් දිසානායක මහතා,
“ගොවියෙක් විදිහට කෘෂිකාර්මික කටයුතු ගැන ඉගෙනගන්න මම රටවල් 13ක සංචාරය කොට තිබෙනවා. එම රටවල්වලින් ගත් දැනුම යොදාගෙන මම අද ගොවිතැනින් සාර්ථක වී සිටිනවා.
මම තායිලන්තයේ විදිහට කුඹුර සකස් කළා. මගේ මුළු කුඹුරම එක තනි ලියද්දක් විදිහට සකස් කළා. ගොම පොහොර, විවිධ ශාක කොටස් කුඹුරට එකතු කළා. පසුගිය දිනවල වර්ෂාවෙන් ලැබුණ වතුර ටික කුඹුරට එකතු වුණා. දැන් මගේ කුඹුර ඈතට පෙනෙන්නේ වැවක් වගෙයි.
මේ වන විට කුඹුර වපුරලා තිබෙනවා. කිසිදු ගැටලුවක් නැතුව මට අමතර ආදායමක් අතරමැදි කන්නයෙන් ලැබෙනවා. කුඹුරේ නියර තිබුණා නම් නියර සුද්ද කරන්න කන්නයකට අමතර රුපියල් විසිදහසක් විතර යනවා. ඒ වගේම තනි ලියද්දට කුඹුර තියෙන නිසා වැසි ජලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්.
මගේ ආදර්ශය අරගෙන ගොවීන් විශාල පිරිසක් මේ වන විට තමන්ගේ කුඹුර තනි ලියද්දට සකස් කරගෙන තිබෙනවා. මේ නිසා මහවැලියෙන් දෙන ජලය විශාල ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන්.”
අතරමැදි කන්නයේ වැසි ජලයෙන් වගා කළ වගාකරුවන් බොහෝ පිරිසක් අතරින් දිඹුලාගල, පැලෑටියාව පදිංචි නිලන්ති කරුණාරත්න මහත්මිය ද සාර්ථක වූ ගෙවිලියකි. ඇය රජයේ සේවිකාවක් සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ලෙස ද කටයුතු කරයි.
ඇය මෙසේ පවසා සිටියාය.
“මේ කොවිඩ් නිවාඩු කාලයේ රටට වැඩදායක යමක් කරන්න හිතාගෙන අක්කරයක උඳු වගා කළා. ඊට අමතරව බටු, බණ්ඩක්කා වැනි එළවළු වගා කළා. රට වහලා තිබුණු කාලේ මම උදේම වගා බිමට එනවා. හැන්දෑ වනතුරු වගා කටයුතුවල යෙදුණා.
යල කන්නයේ වී අස්වැන්න ගත්තට පස්සේ මාස් කන්නයේ වගා කටයුතු ආරම්භ කරන්න කලින් උඳු අලෙවි කරලා ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා. කිසිදු රසායනික පොහොරක් භාවිත කළේ නෑ. කුලියට කවුරුත් ගත්තෙත් නෑ. මම මගේ මහන්සියෙන්ම වගා කටයුතු කළා.”
දිඹුලාගල සමූහ