Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පළමු ජය ඕමානයට: පළමු පෙරළිය ස්කොට්ලන්තයෙන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ සත්කාරකත්වයෙන් අද ආරම්භ විය.

එහි සුදුසුකම් ලැබීමේ වටයේ පැපුවා නිව්ගිනියා කණ්ඩායමට එරෙහි තරගයෙන් සත්කාරක ඕමානය කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ඉහළ නිලධාරීන්, සත්කාරක ඕමානයේ සම්භාවනීය අමුත්තන්, ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ඊට එක් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනි කණ්ඩායම කඩුළු 9ට ලකුණු 129ක් රැස්කරන ලදි.

ඕමාන පිළිතුරු ඉනිම ආරම්භක කළ අකීබ් ඉල්ලියාස් සහ ජටින්දර් සිං අතර පළමු කඩුල්ලේ නොබිදුනු සබඳතාව ලකුණු 131ක්.

ඔවුන් පන්දුවාර 13යි පන්දු 4කදී කිසිවෙක් නොදැවී තරගය ජය ගත්තේය.

පළමු පෙරළිය ස්කොට්ලන්තයෙන්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරඟය ජයගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.

ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.

Scroll to Top