Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පෙර පාසල් ගුරුවරුන් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල පාලිකාවන් ඇතුළු 10 දෙනෙකුට කොවිඩ් අසාදනය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පෙර පාසල් ගුරුවරුන් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල පාලිකාවන් ඇතුළු 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වෙයි.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල සේවය කරන පාලිකාවන් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (17) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

මේ මස (21) දින පෙර පාසල් ආරම්භ විමට ප්‍රථම කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල පාලිකාවන් 57 දෙනෙකු ඉකුත් (15) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්, ඉන් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි එම නිලධාරියා කියා සිටියේ.

එම අසාදිතයන් ඔහුන් පදිංචි නිවාස වල නිරෝධායනයට යොමු කර ඇති අතර, අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවයි කොටගල සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top