කොවිඩ් ආසාදිත වූ පසු එන්නත් ලබාගත් අයට ඇති වන සුපිරි ප්‍රතිශක්තියක් හා දෙමුහුන් ප්‍රතිශක්තියක් පිළිබඳ විද්‍යඥයෝ පිරිසක් අනාවරණය කරගෙන තිබේ.
කොවිඩ් පෙර වැළඳී නොමැතිව එන්නත් ලබාගත් අයට වඩා කොවිඩ් වැළඳී සුවවූ එන්නත් ලබාගත් අයට ලැබෙන ඉතාම ගැඹුරු සුපිරි ප්‍රතිශක්තියක් පිළිබඳව නිව් යෝර්ක් නගරයේ රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් පිරිසක් මෙය සොයාගෙන ඇත.
එය එසේ වන්නේ ඇයිද යන්න පිළිබඳව ඔවුන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් සිටියි.
මෙම නව සොයාගැනීම මගින් පෙනී ගොස් ඇත්තේ SARS-CoV-2 විසින් අනාගතයේදී මුදාහැරිය හැකි යැයි සිතන ඕනෑම ප්‍රභේදයකට එරෙහිව ඒවා බොහෝ විට සාර්ථක විය හැකි බවය.
මෙම සුපිරි ප්රතිශක්තිකරණයම, කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාව මඟින් දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් ලෙස ප්රතිලාභ ලබාගත හැකි බව ඔවුන් පැහැදිලි කර සිටී.