Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලා සිටි දෙයක් එළියට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2021 ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එකතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට දිරිදීමේ ‘අපේ කොල්ලෝ’ ගීතය ඉකුත්දා එළිදක්වන ලදි.

ශ‍්‍රී ලාංකේය ජනප‍්‍රිය ගායන තරු සහ ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය, සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ, සජිත, සනුක, සෙනාලි, මාධුවී සහ ආරාධිත ශිල්පියෙක් වන රෝයි ජැක්සන් මෙම ගීය වෙනුවෙන් ගායනයෙන් දායක වූහ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වෙත සුවහසක් ශ‍්‍රී ලාංකිකයන්ගේ සුභාශිංසන පිරිනැමෙන සේ ඔවුනට සහයෝගය දක්වනු පිණිස නිර්මාණය වූ මේ ගීයේ පද නිර්මාණය කරන ලද්දේ Triad විසිනි.

Dialog Axiata, Sri Lanka’s National Team sponsor along with Sri Lanka Cricket launches the Official Fan Cheer Song under the tagline “Ape Kollo” to convey the country’s wishes to the national team.

Scroll to Top