Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රතන හිමියන් ජන බලයෙන් එළියට – මන්ත්‍රී ධූරයත් කොට උඩ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තම පක්ෂයේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉවත් කළ බව අපේ ජන බල පක්ෂය සදහන් කරයි.

එම පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසුවේ විනය පරීක්ෂණයට සහභාගී නොවූ බැවින් උන් වහන්සේ පක්ෂයෙන් ඉවත් කළ බව මැතිවරණ කොමිසමටද දැනුම්දී ඇති බවයි.

ඉකුත් මහා මැතිවරණයේදී පළමු වරට තරඟවැදුණු අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධූරයක් හිමිවිය.

එහෙත් එම මන්ත්‍රීධූරය සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් ගතවූයේ පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයත් සමඟයි.

ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම මන්ත්‍රී ධූරයට පසුව පත් කෙරුණා.

රතන හිමියන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන්.

ඒ අනුව කිසියම් පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයෙකු අදාළ පක්ෂයෙන් ඉවත් කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය ඉවත්වීමේ අවදානමක් පවතියි.

 

 

 

Scroll to Top