Aboutceylon Online

පෙර පාසල් ගුරුවරුන් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි සියළුම පෙර පාසල් වල ගුරුවරුන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිම  කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි සිදු කෙරිණ.

මේ මස (21) දින පෙර පාසල් ආරම්භ කිරිමට නියමිත නිසා තම බල ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරුන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනයකල බවත්,ඒ සදහා තම බල ප්‍රදේශයේ පෙර පාසල් 50 ක පමණ ගුරුවරුන් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවත්, එම වාර්තා ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top