Aboutceylon Online

දේශිය කිරිපිටි සමාගමත් කිරිපිටි පැකට්ටුවේ මිල ඉහල දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කිරිපිටි ආනයනික සමාගමක් විසින් නව මිලට කිරිපිටි වෙලදසැල්වලට නිකුත් කරයි, දේශිය කිරිපිටි සමාගමත් කිරිපිටි පැකට්ටුවේ මිල ඉහල දමයි.

දේශිය වෙලදපොලේ මෙතෙක් පැවති කිරිපිටි හිගය නිමා කරමින් කිරිපිටි ආනයනික මෙරට සමාගමක් විසින් (15) දින සිට වෙලදසැල් වලට නව මිලට කිරිපිටි නිකුත් කිරිම ආරම්භ කර ඇත.

කිරිපිටි කිලෝවක මිලක රු 1125, ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 480 ක් වැනි මිලකට (15) දින සිට නිකුත් කරන බවයි එම සමාගමේ නිලධාරියෙකු කියා සිටියේ.

එම කිරිපිටි සමාගම විසින් පසුගිය දින කිහිපය තුල වෙලදපොලට නිකුත් කල කිරිපිටි පැකට් ප්‍රමාණයට වඩා (15) දින සිට කිරිපිටි පැකට් වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බවයි එම නිලධාරියා කියා සිටියේ.

වෙලදසැල්වල කිරිපිටි අලෙවි කිරිමට නොතිබිම නිසා පසුගිය දින වල පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

දේශිය කිරිපිටි සමාගමක්ද (15) දින සිට වෙලදපොලට නිකුත් කරනු ලබන ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 470 වැනි මිලකට අලෙවි කරන අතර , නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ පිහිටි කිරිපිටි අලෙවිසැලක නව මිලට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට විශාල පිරිසක් එම අලෙවිසැල ඉදිරිපිට රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top