විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමඟ ඊයේ අබුඩාබි නුවර පැවැති දෙවැනි පුහුණු තරගය ලකුණු 38කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 5කට රැස් කළ ලකුණු 162ට පිළිතුරු ලෙස පැපුවා නිව්ගිනියා පිලට ඕවර 20 අවසානයේ රැස් කිරිමට හැකි වූයේ කඩුලු 7කට ලකුණු 123ක් පමණි.
ලකුණු අතරේ සිටින පිතිකරු අවිශ්ක ලකුණු 61ක් රැස් කළ අතර, පැතුම් නිශ්ශංක සුපිරි පිතිහරඹයක නිරතවෙමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 76කි.
පන්දු යැවීමේදී පැපුවා නිව්ගිනියා පිලේ කබුවා මොරියා ලකුණු 25කට කඩුලු 4ක් දවාලීය.