Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටේ අනාගතය දේශපාලුවන්ට බාර දී අපේ අනාගතය හදාගමු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටේ ආර්ථික කඩා වැටීම කිරිපිටි,ගෑස්,තෙල් පෝලිම් වලින් පෙන්නුම් කරමින් තිබෙන අතර මේ වන විට එයට තවත් පෝලිමක් එක්ව තිබෙනවා.

මේ පෝලිම් ගැසී සිටින්නේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය අසල.

අව්,වැසි නොතකා උදේ පටන් දවස පුරාම මෙහෙම පෝලිමේ සිටින්නේ මේ රටින් පිටව යෑමේ අරමුණින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීම සඳහා.

රට තුළ පවතින දැඩි ආර්ථික පරිහානිය හේතුවෙන් මෙලෙස විදෙස් රටක රැකියාවක් සඳහා යාමට තීරණ කරගත් බවයි මෙලෙස පෝලිමේ සිටි බොහෝ දෙනා අප හා පැවසුවේ.

තවදුරටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම කාලය කා දැමීමක් වන අතර අනාගතය ගැන සිතා රටින් පිටව යාමටයි කටයුතු කරන බව ඔවුන් සඳහන් කරනවා.

Scroll to Top