Aboutceylon Online

මහ කන්නයටත් කොන්දේසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොන්දේසි 4 ක් සම්පූර්ණ කරන්නේ නම්, මෙවර මහ කන්නයේදී කාබනික පොහොර යොදාගන ගොවිතැන් කීරීමට ප්‍රාදේශීය ගොවි සංවිධාන 11,000 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය අද එකඟතාව පළ කළේ ය.

ඒ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය ඉදිරිපත් කළ කොන්දේසි 4 වන්නේ,

01. කාබනික පොහොර නියමිත කාලයට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීම

02. එම පොහොරවල වගකීම රජය භාර ගත යුතුයි.

03. මේ පොහොර භාවිතයෙන් වී අස්වැන්න අඩු වීමක් හෝ වෙනත් හානියක් සිදුවුව හොත් රජය වගකීම භාරගන වන්දි ලබා දිය යුතුයි.

04. දැනට වෙළඳපොළේ ඇති කෘමිනාශක හා වල් නාශක අධික මිලට විකිණිම පාලනය කොට සහතික මිලක් ලබා දීම.

මේ පිළිබඳව අදාළ රැස්වීමේදීම කෘෂිකර්ම අමාත්‍යවරයා දුරකතනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කොට එකඟතාව ලබා ගත්තේ ය.

ඒ අනුව මහ කන්නයේ කාබනික වී ගොවිතැන සාර්ථක කර ගැනීමට සහය දෙන ලෙස දිවයිනපුරා ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ගොවි සවිධාන බල මණ්ඩලය එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

Scroll to Top