Aboutceylon Online

අවදානම් කලාපයෙන් ශ්‍රී ලංකාව එළියට එයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත් ඇතුළත් කරනු ලැබ ඇති බව පැවසූ හම්දානි මහතා දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීම සැලකිල්ලට ගෙන ඔවුන් එම තීරණයට පැමිණ ඇති බව කීවේය.

කොරෝනා සැලකිය යුතු ලෙස පාලනය වූ රටවල් ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයට බවත් ජනතාව පරිස්සම්කාරි ලෙස කටයුතු නොකළහොත් යළි රතු කලාපයට ඇතුළු විය හැකි හෙයින් කොළ කලාපය රැක ගැනීම ජනතාවගේ යුතුකමක් බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

Scroll to Top