දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්රධාන නගර වල දුම්වැටි හිගයක් පවති.
දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා වෙළදසැල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙලදසැල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් අප හැටන් දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද විමසුමකදි එහි නිලධාරියෙකු කියා සිටියේ වෙනත් දිනවලට සාපෙක්ෂව වෙලදුන්ගෙන් දුම්වැටි මිල දි ගැනිම සදහා විශාල ඉල්ලුමක් පැවති බවත්, එම ඉල්ලුම අනුව වෙලදුන්ට දුම්වැටි තොග අලෙවි කල බවයි.
හැටන් – රංජිත් රාජපක්ෂ