ඉතිහාසයේ ප්‍රථම වරට නොබෙල් සාම ත්‍යාගය දිනාගත් වෘත්තීය මාධ්‍යවේදීන් දෙදෙනා වන රුසියානු ජාතික දිමිත්‍රි මුරටෝ සහ පිලිපීන ජාතික මාරියා රීසා යන දෙපළට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සුභාශිංසන පිරිනැමීය.
අමාත්‍යවරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුව මේ සඳහා අවස්ථාවක් කර ගත්තේය.
හිටපු මාධ්‍යවේදියෙකු ලෙස මෙය ජීවිතයේදී අසන්නට ලැබුණු ආශ්වාදජනක ප්‍රවෘත්තියක් බවද, මාරියා රීසාට එරෙහිව මේ මොහොතේද අධිකරණයේ නඩු 12ක් ක්‍රියාත්මක වුවද ඒ සියල්ල මධ්‍යයේ ඔවුන් ප්රකාශනයේ නිදහස වෙනුවෙන් ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව සිදුකළ බව ජූරියේ විනිශ්චය මණ්ඩලයේ විශ්වාසය සහ සටහන බවට පත්වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.