ශ්‍රීලංකා සමුද්‍ර තීරුවේ මන්නාරම් ද්‍රෝණිය ඇතැයි පැවසෙන ඛණිජ සම්පත් පිළිබඳ පරිපූර්ණ දත්ත මේ වන විටත් ශ්‍රී ලංකාව සතු බව බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
එම දත්ත අනුව ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් සහ බොරතෙල් බැරල් බිලියන 2ක් මන්නාරම් ද්‍රෝණියේ ඇති බවත් එහි දළ වටිනාකම ඩොලර් බිලියන 280 කට ආසන්න බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
එමෙන්ම මේ වන විට මෙම සම්පත් භාවිතයට ගෙන තිබුණා නම් තෙල් මිල ගෑස් මිල ඉහල යන විට ඒවා නිශ්පාදනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට දුක් වීමට නොව සතුටු වීමට අවස්ථාව තිබූ බව ප්‍රකාශකර සිටියේය.