Aboutceylon Online

අධ්‍යයන වර්ෂ 2021-22 සඳහා ඩයස්පෝරා දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියානු රජය විසින් 2006-07 වර්ෂයේ සිට  “ඩයස්පෝරා දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක්  (SPDC) ක්‍රියාත්මක කරයි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉන්දියානු විශ්ව විද්‍යාල/ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට සහ අනේවාසික ඉන්දියානු ජාතිකයින්ට  මුල්‍යාධාර ලබා දේ.

මේ යටතේ ශිෂ්‍යත්වලාභීන්ට වෘත්තීය සහ වෘත්තීය නොවන (වෛද්‍ය/පරිපූරක වෛද්‍ය හැර) පාඨමාලා හැදෑරීම සඳහා මූල්‍යාධාර හිමිවනු ඇත. කෙසේවුවත්, මේ සඳහා අයැදුම් කළ හැක්කේ පළමු වසර සිසුන්ට පමණි.

ඉහත කාණ්ඩයන්ට අයත් ශ්‍රී ලංකාවේ සිටින සිසුන් ද මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබයි.

ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර  http://www.spdcindia.gov.in/login/guideline.php යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. සුදුසුකම් ලත් සිසුන්ට  2021 නොවැම්බර් 30 වැනිදා දක්වා මෙම වෙබ් අඩවිය ඔස්සේ සෘජුවම අයදුම්පත් යොමු  කළ හැක.

Scroll to Top