Aboutceylon Online

මතක තියා ගන්න යතුර මාරු කරත් ඔප්පුව මගේ අතේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමගි ජන බලවේගය නැමැති නිවසේ ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ යැයි පක්ෂයේ සියලු දෙනා හොඳින් සිහියේ තබා ගත යුතු බව පත් කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය(සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

මහ වැස්සකට මඟ නන්නත්තාර වී සිටි පිරිසකට තමාගේ ගෙදර නොතෙමී ඉන්න ඉඩ දුන් බව කී ඩයනා ගමගේ මහත්මිය දැන් එම නිවසේ යතුරු මාරු කර ඒ ගෙදර ඔවුන්ගේ යැයි කියන බවද කීවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඩයනා ගමගේ මහත්මිය,

“කී දෙනෙක් දන්නවා ද මේ ගැන. මම අද උදේ කතා කරලා අහද්දි කෘතියාධිකාරී මණ්ඩලයේ ඉන්න සමහර අය දන්නේ නෑ. නමුත් කෘතියාධිකාරී මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා කියලා කියනවා මාව නෙරපන්න මේ පක්ෂයෙන්. ඇත්තටම ලැජ්ජයි.

බබාලා වගේ හැසිරෙන්නේ. මගේ මහත්තයාගෙත් මගෙත් මේ පක්ෂය ගැන උදාහරණයක් හැටියට කිව්වොත්, මහ වැස්සක් අතරතුර නන්නත්තාර වෙලා හිටිය කොටසකට මගේ ගෙදර මම ඉඩදෙනවා ඇවිත් ඉන්න ඒ වැස්සට. එහෙම කොටසක් මං එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුර මාරු කරලා ඒ ගොල්ලන්ගේ ගෙදර කියනවා දැන්.

හැබැයි මං කියන්න කැමතියි මහලේකම්තුමා ඇතුළු සජබ සියලුදෙනාට මතක තියා ගන්න ඔප්පු තියෙන්නේ මගේ අතේ. අන්න ඒක හොඳට මතක තියා ගන්න. මේ කරන විහිලු නතර කරන්න. ඔබතුමාගේ සජබ පක්ෂය ඇතුළත ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. මේවා කෑලි කැඩිලා අද වෙනකොට.”

පක්ෂය අයිති සාමාජිකයා ලෙස මම හැමදාම සමගි ජන ජනබලවේගයේ ඉන්නවා.අනෙක් අය වගේ මා පඹයෙක් ලෙස නටවන්න හැකිවන්නේ නැහැ මා එසේ නටන්නෙත් නැහැ.”යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

Scroll to Top