බ්ලොක්චේන් තාක්ෂණය හා ක්රිප්ටොකරන්සි නිර්මාණය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට පා තබයි.
රටවල් ගණනාවකම තහනමට ලක්කර ඇති බ්ලොක්චේන් තාක්ෂණය ක්රිප්ටොකරන්සි මයිනින් සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මෙසේ කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
බිට් කොයින් නමින් ප්‍රකට ගුප්ත-මුදල් (ක්‍රිප්ටෝ කරන්සි) බ්ලොක්චේන් තාක්ෂණය හා සම්බන්ධිත මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී ලංකාවේ පිහිටුවීමට කමිටුවක් පත්කර ඇති අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ව්‍යාපෘති සම්බන්ධීකරණ හා අධීක්ෂණය නාමල් රාජපක්ෂ සිදුකරනු ඇති අතර ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් සහ බ්ලොක්චේන් ආශ්රිත ගුප්ත-මුදල් (ක්‍රිප්ටෝ මුදල් )වැනි කර්මාන්ත සඳහා ආයෝඡකයින් සහ ආයෝඡකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පනත්, රීති සහ රෙගුලාසි පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් ජාත්‍යන්තර වෙලඳපොල දක්වා වෙළඳාම ව්‍යාප්ත කරන අතරම කලාපයේ ගෝලීය හවුල්කරුවන්ට සමාන්තරව ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් සහ ගුප්ත ව්‍යවහාර මුදල් කැණීමේ තාක්ෂණය යන ඒකාබද්ධ පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත.
මෙම කමිටුව ඩුබායි, මැලේසියාව, පිලිපීනය, යුරෝපා සංගමය සහ සිංගප්පූරුව වැනි අනෙකුත් රටවල රෙගුලාසි සහ මුලපිරීම් අධ්‍යයනය කිරීමට සහ ශ්‍රී ලංකාවට ගැලපෙන රාමුවක් යෝජනා කිරීමට නියම කෙරේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්රස්තවාදයට මුදල් සැපයීම, අපරාධ ක්‍රියාකාරකම් සහ පාරිභෝගිකයා දැන ගැනීමේ ක්‍රියාවලිය යන කරුණු පිළිබඳව මෙම කමිටුව සෙසු රටවල නීති හා රෙගුලාසි අධ්‍යයනය කරනු ඇත.
මෙම කමිටුව පහත සඳහන් ප්‍රවීණයන්ගෙන් සමන්විත වේ:
සුජීව මුදලිගේ මහතා (සභාපති), සදුන් හපුගොඩ මහතා, ඩී. කුමාරතුංග මහතා, ජයන්ත ප්‍රනාන්දු මහතා සහ මිලින්ද රාජපක්ෂ මහතාය.