Aboutceylon Online

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරින්ට මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ දින පහක වැඩමුළුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 16 ක පොලිස් නිලධාරින්ට මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ පස්දින වැඩමුළුවක් පසුගිය දින පහක කාලය තුල පවත්වන ලදි.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නුවරඑලිය මුලස්ථාන පොලිස් ස්ථානය කෙන්ද්‍ර කර ගනිමින් හැටන් සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 16 පොලිස් නිලධාරින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මධ්‍යම සහ ඌව පලාත් භාර මානම හිමිකම් සම්බන්ධිකාරක සහ අධ්‍යක්ෂක වියන්ජන් ඩයස් සුමනසේකර මහතා විසින් මෙම වැඩමුළුව පවත්වන ලදි.

දින පහක් තිස්සේ දවස පුරා පැවැත් වු එම වැඩමුළුවවේ අවසන් දිනය (08) දින වු අතර , ඉදිරියේදි නුවරඑලිය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වල පොලිස් නිලධාරින් 100 දෙනෙකු කැදවා ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්විමට සැලසුම් කර ඇති බවද වියන්ජජන් ඩයස් සුමනසේකර මහතා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top