දේශයේ ජීවනාලිය බදු අනාගත පරපුර දැනුමෙන් හා ගුණ දහමින් පරිපූර්ණ කොට සමාජයට දායාද කරන්නා වූ අප රටේ ගුරු පරපුර අතිශයින්ම සම්භාවනාවට ලක්විය යුතුය. ශ්‍රී ලංකාවේ අප ලෝක ගුරු දිනය සමරන්නේ අද වැනි දිනකය.
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සමස්ත ජාතියම හා එක්ව අප රටේ ගුරු ප්‍රජාව කෙරෙහි වන අපගේ ගෞරවනීය ආචාරය පළකරන අතරම ගුරු ප්‍රජාවගේ අභිමානය උදෙසා මෙන්ම රටේ අනාගත පරපුර කෙරෙහි වන අපගේ වගකීම් පිළිබඳවද සමස්ත ජාතියේම අවධානය යොමු කරවීමට කැමැත්තෙමු.
නිදහස් අධ්‍යාපන ක්‍රමය හදුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති සුවිශිෂ්ඨ සමාජ පරිවර්තනය සැලකීමේදී අධ්‍යාපන වෘත්තිකයන් විසින් ලබාදී ඇති දායකත්වය අති දැවන්තය. එහිදී ගුරුවරයා සැලකුම් ලබන්නේ අන් බොහෝ වෘත්තිකයන්ට වඩා ඉදිරියෙනි. එකී ගුරු අභිමානය වෙතින් හැමවිටම සංකේතවත් වන්නේ අභිමානවත් ඉදිරි පරපුරක ජීව ගුනයයි.
එය සමස්ත ජාතියේම අපේක්ෂාවයි. එබැවින් ලාංකේය ගුරු පරපුරේ වෘත්තිය ගරුත්වය කෙරෙහි රටක් ලෙස අප සෑමවිටම සැලකිලිමත් වියයුතු අතර අධ්‍යාපනය කෙරෙහි පවත්වාගෙන යායුතු ප්‍රමුඛත්වය කුමන තත්ත්වන් ඉදිරියේ වුවද අතනොහැරිය යුත්තෙමු.
වර්තමානයේදී ගුරු ප්‍රජාව වෙතින් මතුව ඇති ඇතැම් දුක් ගැනවිලි කෙරෙහි ද ජාතියක් ලෙස අප ප්රමුඛ අවධානයක් යොමුකර නිසි සාධාරණ ක්‍රියාමාර්ග වෙත යොමු වියයුතුව ඇත්තෙද එබැවිනි.
ඒ සමගම රටේ සමස්ත සිසු පරපුරෙහි අනාගතය පිළිබඳවද මුලුමහත් සමාජයම තම අවධානය බලවත් ලෙස යොමුකල යුතුව ඇති කාල වකවානුවකට අද අපි එළඹ සිටින්නෙමු . දරුවන්ගේ අධ්‍යාපනය හා ළමාවිය කුමන තත්වයක් යටතේ වුවද අහුරාලීමට කිසිදු ඉඩක් නොතිබිය යුතුය.එය මුලුමහත් ජාතියේම වගකීමකි.
ගුරු ප්‍රජාව කෙරෙහි වන සමාජයේ වගකීමද සමාජය කෙරෙහි වන ගුරු ප්‍රජාවේ වගකීමද අත්‍යන්තයෙන්ම වගකීම් සහගත වියයුතු ඇතැයි අප විශ්වාස කරන්නෙමු .
ඒ අනුව අප මේ රටේ බලධාරීන්ගෙන් ඉතා බලවත් ලෙස ඉල්ලා සිටින්නේ ලංකාවේ ගුරු ප්‍රජාව වෙතින් කරනු ලබන ඉල්ලීම් කෙරෙහි ඉතාමත් සංවේදී ලෙස බලවත් අවධානයක් යොමුකරවමින් සමස්ත ගුරු ප්‍රජාවගේ ගෞරවය හා ප්රගමනය සුරැකෙන ලෙස කටයුතු කරන ලෙසය.
එමෙන් මේ රටේ අධ්‍යාපනයේ ජීව ගුනය තව දුරටත් රැකගනිමින් හා පෝෂණය කරමින් ගුරුවරුන් විසින් ඉටුකරන උත්තම සේවාවට ගරුත්වය පළකරන අප සමස්ත ගුරු ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ දරු පරපුරේ නාමයෙන් තමන් වෙත පැවරී ඇති අති භාරධූර වූ වගකීම කුමන තත්ත්වයක් යටතේ හෝ අත්නොහරිමින් තමන් සතුවූ උත්තම කාර්යයභාර්ය කෙරෙහි තව දුරටඅවධානය යොමු කරන ලෙසටය.