නුවරඑලිය ස්ට්‍රෝබෙරි වගාකරුවන් සිය වගාවෙන් ඉවත් විමේ අවධානමක්, නිසි වෙලදපොලක් සහ රසායනික පොහොර,කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විම ප්‍රධාන හේතුව බව වගාකරුවන් පවසයි.
නුවරඑලිය සීත දේශගුණයට හිතකර වු බහුදේශිය පළතුරක් වශයෙන් හදුන්වන ස්ට්‍රෝබෙරි වගාවට නිසි වෙලදපොලක් සහ ස්ට්‍රෝබෙරි වගාවට යොදන රසායනික පොහොර නොමැති විම නිසා එම වගාවෙන් ඉවත් වි එලවළු වගාවට යොමු විමට ස්ට්‍රෝබෙරි වගාකරුවන් තිරණය කර ඇත.
නුවරඑලිය නගරය ආශ්‍රිතව මාගස්තොට, සිතාඑලිය, මිපිලිමාන, යන ප්‍රදේශවල ස්වයං රැකියාවක් වශයෙන් ගොවියන් විශාල පිරිසක් සහ වාණිජ වශයෙන් කිහිප දෙනෙකුම ස්ට්‍රෝබෙරි වගාවේ මේ වන විට නිරතව සිටියි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්පලාත් අතර සංචරණ සිමා පැනවිමත් සමග දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලිය ප්‍රදේශයට නොපැමිණිම හේතුවෙන් නැවුම් ස්ට්‍රෝබෙරි අලෙවිය , ස්ට්‍රෝබෙරි ආශ්රිත නිෂ්පාදන සහ තමන්ගේ අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි තත්ත්වය හමුවේ ඵලදාවට දැඩි ලෙස හානි සිදු වි ඇති බවයි ස්ට්‍රෝබෙරි වගාකරුවන් කියා සිටියේ.
ස්ට්‍රෝබෙරි වගාවෙන් නිෂ්පාදිත ජැම්, අයිස්ක්‍රිම්, කැරමල්, පිට්සා සදහා දැඩි ඉල්ලුමක් එවකට පැවතිම හමුවේ ස්ට්‍රෝබෙරි වගාකරුවන් තම වගාවලින් හොද ආදායමක් උපයා ගත් අතර , වර්තමානයේ එම වගාව හුදෙක්ම නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු කුරුලු විශේෂයන්ට ආහාරයක් පමණක් වි ඇති බවයි එම වගාකරුවන් කියා සිටින්නේ.
නුවරඑලියේ ස්ට්‍රෝබෙරි වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දි සිය ස්ට්‍රෝබෙරි වගාව සදහා නිසි වෙලදපොලක් සකස් කරදෙන ලෙස නුවරඑලිය ස්ට්‍රෝබෙරි වගාකරුවන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ